ශත පහට ගිය කළක්


ඇමෙරිකන් ශත පහක් ඩොලර් ලක්ෂ 31 ක් හෙවත් රුපියල් කෝටි 40 ට වෙන්දේසි කැරුණි. එක් පැත්තක ඇමෙරිකානු නිදහස සංකේතවත් කරන ලිබර්ටි දෙවඟනගේ මුහුණ දැක්වෛන මෙම කාසිය වසර 40 ට පෙරාතුව ද වෙන්දේසියකට ඉදිරිපත් කැරුණි. එම අවස්ථාවේ ව්‍යාජ කාසියක් බව කියා ප්‍රතික්ෂේප කැරුණි. මෙවර ඇමෙරිකානු මුදල් කෞතුකාගාරය විසි්න රසායනික පරීක්ෂණ සිදුකැර එය සත්‍ය කාසියක් බව තහවුරු කැර තිබිණි.