ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන් ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ ශ‍්‍රී ලංකා සංචාරය සදහා සහභාගි නොවන අතර එම ස්ථානයට මැද පෙළ පිතිකරුවකු වන මොමිනුප් හක් නම් කර තිබේ.
බංග්ලාදේශයෙන් බිහිවූ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස සැළකෙන ශකීබ් අල් හසන් මාස කීපයක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියි. ශකීබ් අල් හසන් ශල්‍ය කර්මයක් සදහා මේ සතියේ ඕස්ටේ‍්‍රලියාවට යෑමට නියමිත බවත් අනතුරුව සති හයක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතු බවත් බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව එක්දින තරගාවලියට සහභාගිවීමට මීට පෙර සැළසුම්කර තිබුණි.
මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරගයක් ඇතුළත් වන අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.