ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියට නෑ


බංග්ලාදේශ ප‍්‍රබලතම තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන්ට, ශ්‍රී ලංකාවේදී මාර්තු මස 8 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවන තත්ත්වයක් උද්ගතවී තිබේ.

ශකීබ් අල් හසන් මාස කීපයක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියි. ඒ හේතුවෙන් ශකීබ් අල් හසන්, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියට පමණක් සහභාගි වන බව බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

වෛද්‍ය පරීක්‍ෂණවලට අනුව ශකීබ් අල් හසන්ගේ ආබාධය බරපතල නොවන බවත් භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලින් තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරු පවසති. මෙම ආබාධය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරගාවලියෙන් ද ශකීබ් අල් හසන් ඉවත්ව සිටියේය. 

විසිපස් හැවිරිදි ශකීබ් අල් හසන් මේ වන විට ටෙස්ට් තරග 28 කදී ලකුණු 1,835 ක් රැුස්කරමින් කඩුලූ 102 ක් ද දවාගෙන තිබේ. එක්දින තරග 126 කට ක‍්‍රීඩා කර ඇති ශකීබ් අල් හසන් ලකුණු 3,635 ක් රැුස්කරමින් කඩුලූ 160 ක් ද දවාගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මාර්තු මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.