වන නිලධාරියා කෙරෙහි ද්වේෂයෙන් ඔහු අල්ලස් ඉල්ලූ බවට දැව භාණ්ඩ ව්‍යාපාරිකයා පැමිණිලි කළ බව පෙනෙන්නට ඇතැයි තීරණය කළ කොළඔ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය වන සංරකෂණ දෙපාර්තමෙන්තුවේ රාජකාරි කරන බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස් කළාය.
විත්තිකරු අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට අදාළව පැමිණිලිකරු හා උපාය දුතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිළධාරියාගේ සාක්කි එකිනෙකට පරස්පර බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බීඩ් ගෝවින්න මහතාගේ හරස් ප‍්‍රශ්න වලදී හෙළි වී ඇතැයි තීරණය කළ විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අවසන් කිරීමටත් පෙරම විත්තිකරු නිදොස් කොට නිදහස් කළාය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ වන සංරකෂණ දෙපාර්තමෙන්තුවේ එරාවුර් බීට්ටු වන නිලධාරියා ලෙස සේවය කළ සෝමනාදන් පුවලිංගම්ය.
2012 ජනවාරි 18 වැනිදා එරාවුර් හිදී ගෘහ භාන්ඩ වෙළද සැළට 2012 වසරේ දැව බලපත‍්‍රය ලබා දීමට හා කල් ඉකුත් වු දැව බලපත‍්‍රය වන සංරකෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් වළකාලීමට රුපියල් 7500/-ක් සම්සුදීන් අබ්දුල් සිද්ධික් නමැත්තාගෙන් ඉල්ලා ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු පවරා තිබිණි.

