දූෂණ, වංචා හා අයතා ගනුදෙනු සම්බන්ධයෙන් වැරැදිකරුවන් වී සිරගත විය යුතු මට්ටමේ වෛද්‍යවරුන් සීයක් පමණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සිටින්නේ යැයි පෞද්ගලික විශ්ව විද්‍යාල මාපිය සංගමය චෝදනා කරයි.
එහෙත් ඔවුන්ට හිමි නිල බලය නිසා එම ක්‍රියාකාරකම් හෙළිදරව් වීම වැළැක්වී ඇතැයි ද ඉදිරියේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය රටට පෙන්වා දීමට තමන් කටයුතු කරන්නේ යැයි ද එම සංගමයේ විධායක සභික අනුර වනිගසූරිය මහතා අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

