වෛද්‍යවරුන් පස් දෙනාම වැඩට නොපැමිණිම නිසා ආණමඩුව රෝහලේ බෙහෙත් ගැනීමට ආ දෙසීයක් පමණ පිරිසක් අද (04) උදේ ආපසු හැරී ගියහ.
වෛද්‍යවරුන් දෙදෙනකු අසනීප වී සිටින බවත් අනික් තිදෙනාද පැමිණ නැති බවත් වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර් එම් කේ රත්නායක මහතා කියයි.
රෝහලේ එක් වෛද්‍යවරයකුට රාත්‍රී සේවයේ යෙදී සිටි බවත් වෛද්‍යවරියක ප්‍රසුත නිවාඩු ගොස් අති බවත් දැනගන්නට ඇත. දැනට පැමිණ ඇත්තේ දිස්ත්‍රික් වෛද්‍යවරයා පමණකි .
පුත්තලම රෝහලෙන් වෛද්‍යවරුන් දෙදෙනකු එහි යවන බව අධ්‍යක්ෂවරයා කියයි.ආණමඩුව රෝහල පුත්තලමට කිලෝ මීටර් විසි හයක් දුරින් පිහිටියේය.