වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙති


සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිවීමට ඉඩ දෙමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා සයිටම් හිතවාදී ප්‍රතිපත්තියකින් කටයුතු කරන හෙයින් ඊට විරෝධය දක්වා එම වැඩවර්ජනය සිදුකරන බවත් වෛද්‍ය සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා අද (2) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිළිබඳව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක නොකොට කළ වරද නිවැරදි කරගැනීමට සතියක කාලයක් ලබාදෙන බවද ඒ මහතා කීවේය.