මාලබේ වෙද විදුහලට එරෙහිව කොළඹදී පෙළපාළි ගිය වෛද්‍ය සිසුනට පොලිසිය පහර දුන්නැයි කියමින් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මේ අතර බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුද අද දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූ අතර බදුල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අයත් වෛද්‍යවරු ඊට එක්ව සිටියහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා සමස්ත වෛද්‍ය විද්‍යාව ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිංදුවට වැටී කිසිදු ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහි කරන්නට දේශපාලන සහයෝගය ලැබෙතියි රජයේ වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද සොයිසා මහතා කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට එක්වෙමින් පැවසීය.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක