(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයකට ලක් කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරිය සේවය නිමවා ඊයේ පස්වරුවේදි රෝහල ආසන්නයේ පිහිටි ඇයගේ නිල නිවසට යමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය අනුරාධපුර පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි.