වෛද්‍යවරයාට ගැහුවයි බදුල්ල රෝහලේ වැඩ නවතියි


(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

බදුල්ල ශික්ශණ රෝහලේ සේවය කරන වෛද්‍යවරෙයකුට බදුල්ල වෙලේකඩේ ප්‍රෙද්ශෙය් දී  පහරදුන්නැයි රෝහලේ වෛද්‍යවරු අද(17) සංකේත වැඩ වර්ජනයක නිරතව සිටියහ.

පහරකෑමෙන් තුවාල ලැබූ බදුල්ල ශික්ශන රෝහලේ සේවය කරන වෛද්‍යවරයා බදුල්ල ශික්ශන රෝහලේ වාට්ටු අංක 8  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි.

මෙමවෛද්‍යවරයා රාජකාරි කටයුතු නිමකර ඊයේ(16) රාත්‍රි සිය නිළ නිවසට යාමට වෙලේකඩේ ප්‍රෙදේශයේ දී මෝටර් රථය නවතා ඒ අසල ආපනශාලාවකට ගිය අතර තුරේ මෝටර් රථය හරස් කර ත්‍රිරෝද රථයක් නවතා ඇති අතර පසුව වෛද්‍යවරයා මෝටර් රථය ගැනීමට  ත්‍රිරෝද රථය ටිකක් අයින් කරන ලෙසට දැනුම්දීමත් සමඟ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනකු වෛද්‍යවරයාට පහර දී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.