වෛද්‍යවරයකු ඉල්ලා වීදි බසිති


මන්නාරම අඩම්පන් දිසා රෝහලේ වෛද්‍ය හිඟය නිසා රෝගීන් අපහසුතාවට පත්වන්නේයැයි  කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් එම රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ.

මුල් කාලයේ එම රෝහලේ වෛද්‍යවරුන් හය දෙනකු සිටිය ද දැන් සිටිනුයේ එක් වෛද්‍යවරයකු පමණක් බව ද ප්‍රදේශවාසීහු පවසති.

අඩම්පන් රෝහලේ රාත්‍රියට වෛද්‍යවරයකු නොමැති නිසා කිලෝමීටර පනහකට අධික දුරක් ගෙවා මන්නාරම රෝහලට යෑමට ප්‍රදේශවාසීන්ට සිදුවී ඇතැයි ඔවුහු පවසති.

උද්ඝෝෂණය අතරතුර එහි පැමිණි මන්නාරම මාන්තෙයි ප්‍රාදේශීය ලේකම් ශ්‍රී ස්කන්ධරාජා මහතා කීවේ හැකි ඉක්මණින් අදාල ගැටළුව ගැන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවයි.

2015-nov-24-wanni-romesh-protest-01 2015-nov-24-wanni-romesh-protest-02jpg