වෛද්‍යතිලක ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලට යයි


මේ මස 6 වැනිදා සිට 17 වැනිදා දක්වා රුසියාවේ කසාන් නගරයේදී පැවැත්වීමට නියමිත 27 වැනි ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ අන්තර් ජාතික තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතාට ආරාධනා ලැබී තිබේ.
වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියට වෛද්‍යතිලක මහතාට ආරාධනා ලැබුණ සිව්වැනි අවස්ථාව මෙයයි.

මින් පෙර 2007 වසරේදී චීනයේ බැංකොක් නගරයේද, 2009 වසරේදී සර්බියාවේ බෙල්ගේ‍්‍රඞ් නගරයේද, 2011 වසරේදී චීනයේ ශැන්ෂන් නගරයේද පැවති 24, 25 සහ 26 වැනි ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල වලදීද වෛද්‍යතිලක මහතා තාක්‍ෂණික නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ.

ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලට සහභාගීවීම හේතුවෙන් එම දින වකවානුව තුළම පැවැත්වෙන ආසියානු ජවන හා පිටිය ශූරතාවලියට සහභාගීවීමේ අවස්ථාව වෛද්‍යතිලක මහතාට අහිමිවන අතර එම තරගාවලිය සඳහාද ඔහුට ආරාධනා ලැබී තිබේ.

(*)