වෛද්‍යතිලක පැරලිම්පික් තාක්‍ෂණ නිලධාරීන්ගේ පරීක්‍ෂණයත් සමත් වෙයි


ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා වන පී.එච්.ඞී. වෛද්‍යතිලක මහතා පසුගියදා පැරලිම්පික් කමිටුව (ශාරීරික ආබාධ සහිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවක් සඳහා වන ඔලිම්පික් කමිටුව) විසින් පවත්වන ලද අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරීන්ගේ පරීක්‍ෂණයද සමත් විය.

ඒ අනුව ඉදිරි අවුරුදු තුනක කාලයක් සඳහා අන්තර්ජාතික පැරලිම්පික් කමිටුව විසින් සංවිධානය කරනු ලබන කී‍්‍රඩා තරගාවලිවලදීත් තාක්‍ෂණික නිලධාරීයකු ලෙස කටයුතු කිරීමට වෛද්‍යතිලක මහතා සුදුසුලම් ලැබ ඇත.

අන්තර්ජාතික මලල කී‍්‍රඩා සංගමයේ තාක්‍ෂණික නිලධාරීයකු වූ පළමු ශී‍්‍ර ලාංකිකයාද වන වෛද්‍යතිලක මහතා මේ වන විටත් ඔලිම්පික් තරගාවලි, ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලි, ආසියානු කී‍්‍රඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සහ ලෝක විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල වැනි කී‍්‍රඩා තරගාවලි රැසකදීම තාක්‍ෂණික නිලධාරියකු වශයෙන් කටයුතු කර තිබේ.

අන්තර්ජාතික තාක්‍ෂණික නිලධාරී ආයතනය විසින් අවුරුදු හතරකට වරක් පවත්වනු ලබන පරීක්‍ෂණයෙන් සෑම වසරකම ආසියාවේ අපේක්‍ෂකයන් අතර ඉහළම ලකුණු ගැනීමට වෛද්‍යතිලක මහතා සමත් වී තිබේ.