(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවූ බරපතළ තත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කාර්යාල සහ සුපිරි වෙළඳසැල්වල සෞඛ්‍ය නීති පිළිපැදීම අඩාල වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය .
සුපිරි වෙළඳසැල්වල කාර්යාලවල අත සේදීම වැනි ක්‍රියාමාර්ග හරියට පිළිපැදිය යුතු බවද ඔහු කීවේය.
කොරෝනා රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බවත් මේ තත්වය සුළුවෙන් නොතකන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
කොරෝනා රෝගීන්ගේ වැඩිවීමට ඩෙල්ටා හේතුවක් නොවේ යැයි කිව නොහැකි බවද වැඩි වීමට හේතුව සොයා බලා ගෙන යන බවද හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

