නව වසරේ වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාද වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එයට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා මාරුවීම් දියයුතු තැන් තීරණය කරන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත්, වෘත්තීය සමිතිවලට අවශ්‍ය අයුරින් එවැනි කටයුතු කළ නොහැකි බව ත් සඳහන් කළේය.
වෛද්‍ය ස්ථාන මාරුවීම් ලබාදීමේදී සමහර රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෛද්‍යවරුන් යොදවා ඇතැයි කී අමාත්‍යවරයා නිලධාරීන් එය විසඳීමට යන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණ ඒවා වෙනස් කරන බවට නිලධාරීන් චෝදනා කරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.
තමන් අමාත්‍යවරයා ලෙස එම ගැටලු විසඳීමට යන විට දේශපාලනීකරණය කියමින් චෝදනා නැගෙන බවද කී ඇමතිවරයා එයින් පීඩාවට පත්වෙන්නේ අහිංසක රෝගීන් යැයිද පැවසීය. වෛද්‍යවරු නොමැතිව වැසී ගොස් ඇති රෝහල් 40ක් විවෘත කිරීම සඳහා මීට පෙර උත්සාහ ගත් අවස්ථාවේදීද දේශපාලන ඇඟිලිගැසීම් බව කියමින් තමන්ට චෝදනා එල්ල වූ බව මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

