වෛද්‍ය සංගමයක් යළිත් මානවහිමිකම් කොමිසමේ


රජයේ සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන්ගේ  සේවා ව්‍යවස්ථාව සංශෝධනය  නොකිරීමට එරෙහිව  සමස්ත ලංකා  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  වෛද්‍යවරුන්  මානවහිමිකම්  කොමිසමට අද  පැමිණිල්ලක් කළහ.

 මේ වසරේ  ජනවාරි මස දෙවැනිදා  මානව හිමිකම් කොමිසම හමුවේ  කළ පැමිණිල්ලට  සෞඛ්‍ය  අමාත්‍යංශය  මේ වන තෙක්  කිසිදු ප්‍රතිචාරයක්  නොදැක් වු නිසා  අද නැවත කොමිසම හමුවේ  ලිඛිත පැමිණිල්ලක්  ඉදිරිපත්  කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ  ලේකම්  වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

රාජ්‍ය පරිපාලන  අංක 06/2006 චක්‍රලේඛයට අනුව වෛද්‍යවරුන්ට නව උසස්වීම්  හා වැටුප්  වර්ධක ව්‍යුහයක් නිර්දේශ තුලින් මේ වන තෙක්  ක්‍රියාත්මක නොවීම නිසා වෛද්‍යවරුන්ගේ මානව  අයිතිවාසිකම්  කඩ වී ඇතැයි  ඔවුන් බවසයි.

මේ අවස්ථාවට  සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  විධායක සභික වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය