වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි


(අංජුල මහික වීරරත්න)

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ඒ අනුව සංශෝධනය කිරීමට නියමිතය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරෙනු ඇත.

මීට පෙර තිබූ අවුරුදු 65 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ දී එවකට ආණ්ඩුව විසින් අවුරුදු 60 දක්වා පහත දැමීය.