වෛද්‍ය පරික්ෂණයට ආ කතක් වළක වැටේ


පේරාදෙණිය සරසවිය අසල ගලහ හන්දිය වට රවුමේ ජලය බැස යන වළකට අද (15) පෙරවරුවේ වැටුණු කාන්තාවක් තුවාල ලැබු බව පොලිසිය පවසයි.

පූඩළුඔය සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැත්වෙන සායනයකින් රුධිර පරීක්ෂාවක් කරගැනීම සඳහා පැමිණි ඇගේ පාදය වළට  වැටී ඇති අතර එහි තිබූ යකඩ රාමුවලට පාදය සිරවී තිබූ බවත් පේරාදෙණිය පොලිසිය මැදිහත්වී පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසු ඇය මුදවා ගනු ලැබූ බවත් කියති.

අනතුරින් තුවාල ලැබූ ඇය පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

DSCN7200 DSCN7191 DSCN7197