වේවැල අතට ගත්තැයි විදුහල්පති හිර කරයි


පාසල පිරිසිදු නොකළැයි විදුහල්පතිගේ පහර කෑමට ලක් වූ බව කියන සිසුන්ගේ මවුපියෝ පිරිසක් හඳපාංගොඩ සාගරපලංසූරිය විදුහලේ විදුහල්පතිට පාසලෙන් ඉවත් වීමට නොදී හිරකරගෙන සිටිතියි පොලිසිය කියයි.

පොලිසියට එහි ආරක්ෂාව සළසා ඇතත් අධ්‍යාපන නිලධරයන් පැමිණ විභාගයක් කරන තුරු තම උද්ඝෝෂණය අත් නොහරින බව මව්පියෝ කියති.