වේල්ස් කුමරුවෝ ලකුණු 162 කට දැවීයති


මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විදුහල් ඉනිම ලකුණු 162 කට සීමා විය.

පස්වරු 2.50 ට පමණ ඇද හැලූණු වර්ෂාව නිසා තරගය අත්හිටුවන විට ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 4 ක් ලබා සිටියේය.
වේල්ස් කුමර විදුහල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 48 ක් රැස්කළේය. ශාන්ත සෙබස්තියන් විදුහලේ අනුක් ප‍්‍රනාන්දු ලකුණු 38 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

වේල්ස් කුමර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 162

(කුසල් මෙන්ඩිස් 48, ශානුක දුලාජ් 31, අෂේන් මෙන්ඩිස් 30, ක‍්‍රිෂේන් අපෝන්සු 15, අනුක් ප‍්‍රනාන්දු 38/4, රමේෂ් ප‍්‍රනාන්දු 37/2, සංගීත් කුරේ 23/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම කිසිවකු නොදැවී 4

(ඡයාරූප: ශානුක අරවින්ද)

කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශානුක දුලාජ්ගෙන් ඔන්ඩ‍්‍රයිව් පහරක්...