හේතු රහිතව වැඩ තහනමට ලක් කළ මොරටුව වේල්ස් කුමර විදුහල්පති සම්පත් වේරගොඩ මහතා යළි විදුහලට ලබා දෙන ලෙස ඉල්ලමින් සිසුන් හා ගුරුවරුන් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල විහාරස්ථානයේ අධිෂ්ඨාන පුජා පවත්වන බවත් සියලු දේ මෙසේ සිදුවෙද්දී අධ්‍යාපන බලධාරීන්ගේ නිශ්ශබ්දතාව ප්‍රශ්නයක් බවත් වේල්ස් කුමර විදුහල් මිතුරු සංසදයේ චතුරංග බිමල් වික්‍රමසුරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේද කියයි.
‘ 2012.04.10 වැනි දින සිට විදුහල්පති ලෙස වැඩ භාරගත් සම්පත් වේරගොඩ මහතා මෙම වසරක කාලය තුල දී සිදු කැර ඇති මෙහෙවර විදුහලේ දරුවන්ද දෙමාපියන්ද ආදී සිසුන්ද හොදින් දන්නා කරුණක් බවට පත් වී ඇත.’
‘පසු ගිය දිනවල විදුහල්පති තුමන්ගේ අසාධාරණ වැඩ තහනමට විරුද්ධව 2013.07.05 වැනි දින දෙමාපියන් ආදී සිසුන් හා විදුහලට සහාය පළ කරන හාරදාහකට අධික පිරිසක් විදුහලේ ප්‍රධාන දොරටුව අසල රැස්වී විරෝධතාව පළ කැර ඇති අතර එදින පාසලට පැමිණි ජාතික පාසලේ අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේන හා අධ්‍යාපන අමාත්‍යංශයයේ අතිරේක ලේකම් උපාලි මාරසිංහ යන මහත්වරු සුබවාදි අදහසක් පළ කිරීමෙන් අනතුරුව විරෝධතාවයේ නියැලී සිටි පිරිස විසිර ගිය අතර විරෝධතාව කැදවුවන්ට මොරටුව මහේස්ත්‍රාත් උසාවියේ සිතාසි නිකුත් කළේය.’
‘ ඒ සියලු දේ එසේ තිබියදී විදුහල්පතිතුමාටද ආදී සිසුනටද අති ගරු ජනාධිපති තුමන් මුණ ගැසුණු අතර දැන් නැවතත් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් නොකඩවා සිදු වෙමින් පවතිනවා. මෙයට ආදී සිසුන්ගේ හෝ ගුරුවරුන්ගේ බලපෑමක් නොමැති අතර මෙය දෙමාපියන් හා විදුහලට සහය දක්වන්නන් එක්ව කරගෙන යනවා. මේ සදහා නගරාධිපති සමන්ලාල් මහතා හා තැපැල් අමාත්‍ය ගරු ජීවන් කුමාරණතුංග මහතා එක් වීම විශේෂත්වයක්. ‘