වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්


(යොහාන් භාසුර)

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ.  

අනූපම මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටිනුවර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස  කටයුතු කළේය.