වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය


ශ්‍රී ලංකාවේ මාර්ග කාපට් අතුරා උසස් ප්‍රමිතියකින් ඉදිකර ඇති හෙයින් වාහන පැදවීමේ වේගය ටිකක් වැඩි කළ හැකි බව තම අදහස යැයි මහින්ද රාජපක්ෂ ජනපති ගල්ගමුවේදී ප්‍රකාශ කළේය. පාදෙණිය අනුරාධපුර නව මාර්ගය විවෘත කිරීමෙන් පසුව ගල්ගමුව ක්‍රීඩාංගනයේදී එසේ පැවසීය.

වාහන ධාවන වේගය  සම්බන්ධයෙන් පොලීසිය සතු නීති රීති කල් පැන ඇති බව පෙනේයැයි ජනපති ටිකක් වේගයෙන් ගමන් කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ද ජනපති සඳහන් කළේය.