රුපියල් කෝටි 68කට අධික හෙරොයින් කිලෝ 85ක් මොටර් රථයකින් ප්‍රවාහනය කිරීම සහ විකිණීමට අාධාර හා අනුබල දුන්නැයි රැඳවුම් නියෝග යටතේ සිටි වෙලේසුදාගේ බිරිඳ සහ නැන්දම්මා මුදා හරින ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා අද (06) කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට නියෝග කළේය.
පී බී ජී ගයානි ප්‍රියදර්ශනී සහ එම් කේ ජී ඥානවතී එම දෙදෙනාය.
මේ දෙදෙනාට එරෙහිව නඩු පැවරීමට සාක්කි නැතැයි පැමිණිල්ල කීවේය.

