වෙළේ සුදාගේ ප්‍රධාන ගෝලයකු පානදුරේ දී අත්අඩංගුවට ගත් පොලිසිය වෙළේ සුදාගේ බිරිය හා නැන්දම්මා ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.
පසුගිය ජූලි 12 වැනි දා හෙරොයින් කිලෝ 85ක් කැලණියේ දී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පාකිස්තානයේ සිටින බව කියන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා එම කුඩු එවන්නට ඇතැයි සැක කෙරේ.
වෙළේ සුදාගේ බිරිය ගයානි ප්‍රියදර්ශනී සහ නැන්දම්මා වන එම් කේ ගුණවතී රඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

