වෙළේ සුදා සමඟ ශ්‍රී ලංකාවේ හෙරොයින් කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සියලු දෙනාගේ තොරතුරු දින කිහිපයකින් හෙළි කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
ඔහුගෙන් දැන් ප්‍රශ්න කරගෙන යන බවද තවත් නමකින් ඔහු පාකිස්තානයේ සිට වෙනත් රටකට යෑමට ඔන්න මෙන්න කියා සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව පාකිස්තානයේ සහයෙන් ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
වෙළේ සුදා වසර තුන හතරකදී ශ්‍රී ලංකාවට මත් කුඩු කිලෝ 1000ක් ගෙන එන්නට ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
එමගින් ඔහු රුපියල් කෝටි 1000 ට අධික මුදලක් උපයා ගන්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
මොහු ව්‍යාජ ගමන් බල පත්‍රයක් උපයෝගී කරගෙන පකිස්තානයේ සිට ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී පකිස්තාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

