වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ශූරතාව කැන්රිච් ෆිනෑන්ස් පිලට


වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් පිල විසින් එච්. එස්. බී. සී. (බී) පිල කඩුලූ 7 කින් පරාජය කරන ලදි.

කැන්රිච් ෆිනෑන්ස් පිල නියෝජනය කරන අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ දක්‍ෂ යොවුන් පිට දඟ පන්දු යවන්නකු වන අලංකාර අසංක ලකුණු 12 කට කඩුලූ 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.  මහේල විජයලත් ජයග‍්‍රාහි කැන්රිච් ෆිනෑන්ස් පිලේ නායකයා ලෙස කටයුතු කළේය.  

එච්. එස්. බී. සී. පිල  ඕවර 29.1 කදී සියලූ දෙනා දැවී 130

(ජේසන් ෆර්ඩිනැන්ඩස් 33, ආර්. වෙලින්ටන් 12, සචින් බාලසූරිය 23, එස්. ගොඞ්වින් 37, එස්. හේවගේ 15/2, මහේල විජයලත් 25/2, අලංකාර අසංක 12/5)

කැන්රිච් ෆිනෑන්ස් පිල  ඕවර 26 කදී කඩුලූ 3 ට 132

( ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී 53, ශෂික තිවංක 28, අලංකාර අසංක 24)