වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමේ බලය මැතිසබයට ?


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැණවීම  වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත්  නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වශයෙන් මෙය ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසිනි.

මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින්ද  ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මෙම නව පනත් කෙටුම්පතෙන්  විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.