වෙළඳ සේවා බැඩ්මීන්ටන් තරගා වලියේ වයස අවුරුදු 40 පහළ එච් කාණ්ඩයේ තරඟ ශුරතාව දිනා ගැනිමට ශ්‍රි ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම සමත් විය. අනුශුරතාවය ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම හිමිකරගනු ලැබීය.
වෙළඳ සේවා බැඩ්මීන්ටන් සංගමය විසින් තිස් දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන අන්තර් සමාගම් කණ්ඩායම් බැඩ්මීන්ටන් ක්‍රිඩා තරඟාවලිය 2015 පසුගිය සතිය පුරා ඩියුලක්ස් සමාගම අනුග්‍රහයෙන් කොළඹ මළලසේකර මාවතේ" බැඩ්මීන්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාගාරයේදී මෙම තරගය පැවැත්විණි.





