වෙළඳ සේවක ලක්ෂ එකහමාරක් අහුලා අයිතිකරුට දෙයි


රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහසක මුදල් පසුම්බියක් අහුලා  පොලිසිය මගින්  අයිතිකරුට බාර දුන්  කොළඹ මැනිං වෙළෙදපොළේ සේවකයකුගේ අවංක භාවය ගැන පොලිසිය අද ඔහුට ප්‍රසංශා කළේය.

කොළඹ නාගලගම් වීදීයේ චන්දන පුෂ්පකුමාර නම් මෙම වෙළෙඳ සේවක අවුලා ගෙන ඇත්තේ සම්පත් දසනායක නම් ව්‍යාපාරිකයකුගේ මුදල් පසුම්බියයි.

ව්‍යාපාරිකයා ඔහුට  රුපියල් පන්දහසක් පරිත්‍යාග කළේය.