වෙළද සේවා ඩැඞ්මින්ටන් තරගාවලිය සඳහා ආයතන 51 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 284 ක් සහ කී‍්‍රඩිකාවන් 88 ක් සහභාගී වීමට නියමිතය. එය මීට පෙර වසර වල සහභාගීත්වයන්ට වඩා ඉහළ වැඩිවීමකි.
තරගාවලිය අප‍්‍රියෙල් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
වෙළද සේවා ඩැඞ්මින්ටන් සංගමය විසින් තිස්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට පිරිමි, කාන්තා, මිශ‍්‍ර යුගළ, පිරිමි ප‍්‍රවීණ (අවුරුදු 40 ට වැඩි) සහ කාන්තා ප‍්‍රවීණ (අවුරුදු 35 ට වැඩි) යන තරග කාණ්ඩ ඇතුළත්වේ. සෑම තරග කාණඩයකදීම කේවළ සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්වෙන බැවින් තරගාවලියට ඇතුළත් වන තරග ඉසව් සංඛ්‍යාව 10 කි.
කේවළ තරග 268 කින් සහ කණ්ඩායම් තරග 205 කින් සමන්විත මෙම තරගාවලියේ සෑම තරග ඉසව්වකම ශූරතාවට, අනුශූරතාවට අමතරව තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලටද ත්‍යාග පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.
තරගාවලියේ අවසන් පූර්ව තරග අප‍්‍රියෙල් මස 6 වැනිදා පැවැත්වෙන අතර තෙවැනි, සිව්වැනි සහ අවසන් මහ තරග අප‍්‍රියෙල් මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඩී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම පිට පිටම සිව්වැනි වතාවටත් තරගාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.
(ඡයාරූපය - ශානුක අරවින්ද)
සැම්සන් සහ පූත‍්‍රයෝ සමාගමෙ තත්ත්ව විධායක දේවින්ද කුලතුංග මහතා විසින් අනුග‍්‍රාහක චෙක්පත වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා මහතාට බාරදෙන අයුරු... (එම සංගමයේ ලේකම් රෝහාන් සන්තානම්, උප සභාපති ශෝන් ෂීක් සහ උප සභාපති රොෂාන් ප‍්‍රනාන්දු යන මහත්වරුද මෙහි සිටිති)