
(එම්.සුසිල් පියන්ත)
ඌරහස්මංහන්දිය කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක අභිරහස් අයුරින් මිය ගිය පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු අද දහවල් සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පොළ අසල ෙ පදිංචිෙ චතුරංග විජේසේකර (39) සහ නාලක පුෂ්පකුමාර (40) නමැත්තන්ගේ බවද පොලීසිය කියයි.
මේ දෙදෙනා මිය ගොස් ඇත්තේ නීති විරෝධී අයුරින් වෙළට ඇද තිබූ කම්මි රැහැනක පැටලීමෙන් බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලීසිය කියයි.

