වෙළගෙදරගේ ස්ථානය ලොකුහෙට්ටිගේට


ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි චානක වෙළගෙදර තුවාල ලැබීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේ තෝරා ගනු ලැබ ඇත.

ලොකුහෙට්ටිගේගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී තිබේ. මෙම වෙනස්කම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටුවටද දැනුම් දී තිබේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභා තරගාවලියක් සඳහා නම්කරන ලද කණ්ඩායමට වෙනත් කී‍්‍රඩකයකු ඇතුළත් කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටු අනුමැතිය ලබාගත යුතුය.