ශූරයන්ගේ කුසලාන තරගාවලියට සූදානම් වීමක් වශයෙන් මේ දිනවල පැවැත්වෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන තුන්කොන් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා වමත් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදරට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි විය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
සිකුරාදා පල්ලෙකැළේදී පැවැති තරගයේදී පන්දු 16 ක් පමණක් යැවූ වෙළගෙදර, සිය දකුණු පාදයේ වේදනාවක් ඇතිවීමත් සමගම පිටියෙන් ඉවත් විය.
”ඔහුගේ දකුණු පාදය මත කිසිදු බරක් යොදන්න බෑ” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ භෞත චිකිත්සක ස්ටීව් මවුන්ට් මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සති අන්තයේදී වෙළගෙදර ස්කෑන් පරක්‍ෂණයකට මුහුණ දීමට නියමිත අතර එහි වාර්තාව අනුව වමත් වේග පන්දු යවන්නා ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 26 වැනිදා එංගලන්තය බලා පිටත්ව යන අතර 30 වැනිදා පාකිස්තානු පිලට එරෙහිව පුහුණු තරගයකටද සහභාගි වීමට නියමිතය.
මේ අතර ඉකිළි ප‍්‍රදේශයේ මස්පිඬුවක් ඇදීම නිසා තරග කිරීමේ අපහසුතාවනට මුහුණ දී සිටින ෆර්වීස් මහරුෆ්ගේ ආබාධය සුවවීම සඳහාත් අවම වශයෙන් සති දෙකක් පමණ ගතවන බව වාර්තා වේ.