වෙළගෙදර - මහරුෆ් අවසන් තරගයෙන් ඉවතට


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන සඳහා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී චානක වෙළගෙදර සහ ෆර්වීස් මහරුෆ් දෙදෙනාම තුවාල ලබා සිටිති. ඒ හේතුවෙන් මෙම තරගාවලියේ අවසන් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව එම කී‍්‍රඩකයන් දෙදෙනාගෙන් ගිළිහී ගොස් තිබේ.

මෙම කී‍්‍රඩකයෝ දෙදෙනාම ශී‍්‍ර ලංකා (සෙසු) පිල නියෝජනය කරති.

ශී‍්‍ර ලංකා (සෙසු) කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඒකාබද්ධ පිල අතර තරගයේ ජයග‍්‍රාහකයන් අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා (සෙසු) කණ්ඩායම හා තරග කිරීමට නියමිතය.