වෙස‍ක් අසිරිය රෝහලට


වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද බැති ගී ගායනා කළහ. වෛද්‍යවරු කණ්ඩායමක් බැති ගී ගයද්දී තවත් වෛද්‍යවරු පිරිසක් සංගීතය ලබාදුන්හ. රෝහලේ වාට්ටුවෙන් වාට්ටුව යමින් ඔවුහු ගී ගයමින් රෝගීන්ට සෙත් පැතූහ.