අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (22) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 32-17 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරමින් දෙවැනි ජය ලැබීමට සමත් වූහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 17-10 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේ වෙස්ලි විදුහල පෙරමුණට පැමිණියේය.