වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (05) පැවැති තරගයේදී වෙස්ලි විදුහල 38-24 කින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල පරාජය කරමින් මෙම තරගාවලියේ පිට පිටම තෙවැනි ජය ලැබීය.
වෙස්ලි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 27-17 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.