අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (16) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-23 ක් ලෙස පසුගිය වසරේ ලීග් ශූරයන් වන ඉසිපතන විදුහල පරාජය කරමින් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ.
පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-10 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
ජයග‍්‍රාහි වෙස්ලි විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළ අතර ඉසිපතන විදුහල ගෝල 2 කින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.