කොළඹ අධිවේගී මාර්ගයකට නුදුරු පෙදෙසක නිවසක තමන්ට හිසරදය බැවින් පැමිණිය නොහැකි බව කියමින් වෙසක් බැලීමට සැමියා හා දරුවන් පිටත් කළ බිරියක් වෙනත් පුරුෂයකු නිවසට ගෙන්වාගත් අවස්ථාවේ ලද තොරතුරක් මත සැමියා ඇතුළු ඥාතීන් පැමිණ නිවස වටකර එම පුද්ගලයාට පහරදී අසල ඇති රඹුටන් ගසක බැඳ දමා ඇතැයි පොලිසිය කියයි.
බස් කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන මෙම පුද්ගලයා වෙනත් යුවතියකට විවාහ පොරොන්දු දී ඇති බව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සොයාගත් බවත් එම තරුණියට හා ඇගේ මවටද දුරකථන ඇමතුම් ලබාදී මෙම සිද්ධිය සැලකර ඇති බවත් කියති.
දැඩි ලෙස පහර කෑමෙන් හා කඹවලින් බැඳීමෙන් තුවාල ලබා සිටි සැකකරු පොලිස් භාරයට ගෙන ඇත.

