ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දාහතර වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ලෝක බෞද්ධ සමුළුව උත්කර්ෂවත්ව සැමරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට විශේෂ සැලැස්මක් සකස්කර ඇති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මෙම සියළුම කටයුතු සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
මෙම ජාත්‍යන්තර උත්සවයේ ප්‍රධාන මෙහෙයුම් කමිටුවට අමතරව උපකමිටු ගණනාවක් පත් කෙරෙන අතර බෞද්ධ උපදේශ හා අධ්‍යාපන අනු කමිටුව, ජනමාධ්‍ය අනු කමිටුව, සංවිධායක ප්‍රචාරක අනු කමිටුව, මූල්‍ය පරිපාලන අනු කමිටුව, සංවිධාන මෙහෙයුම් අනු කමිටුව ඇතුළු අනු කමිටු ගණාවක් පත් කිරීමට නියමිතය.