(ඉන්දිකා රාමනායක)
වෙසක් දිනයේ මට්ටක්කුලිය කදිරාන වත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණ සිටි සංවිධානාත්මක අපරාධ කරුවෙක් පිස්තෝලයක්, පතරොම් 10 ක් සමඟ කොළඹ උතුර අපරාධ කොට්ඨාස නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය චූටි උක්කං නැමැති සංවිධාන කල්ලියට සම්බන්ධ, පුද්ගලයකු බව පොලීසිය පවසයි.
සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් ද ජංගම දුරකථන දෙකක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරකු ඝාතනය කිරීම සඳහා මොහු මෙලෙස කදිරානවත් පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ඉලක්ක වූ පුද්ගලයා කදිරාන වත්ත ප්‍රදේශයේ පැවති දන්සල් වෙත පැමිණෙන අවස්ථාවේ ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුගේ සැලසුම වී තිබූ බවද බවද පොලිසිය සඳහන් කරයි.
අඩංගුවට ගත් සැකකරු සමිට්පුර ප්‍රදේ පදිංචි ෙ පුද්ගලයකු බවතෙ ඔහු ඝාතනය කිරීම සඳහා සූදානම් සිදු ව සිට ඇත්තේ (28) පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

