වෙසක් පොහොය නිමිත්තෙන් අද පවැත්වූ දන්සල් අතරින් 282 ක සංවිධායකයන්ට අවවාද කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා කියයි.
වෙසක් දින දෙක තුළ දන්සැල් පවත්වන්නේ නම් ඒ බව දන්වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මීට පෙර ඉල්ලීමක් කර තිබිනි. ඒ අනුව දිවයින පුරා දන්සැල 4876 ක් පවත්වන බව එම සංවිධායකයින් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දන්වා ඇත. නමුත් ඊට වඩා වැඩි දන්සැල් ප්‍රමාණයක් රට පුරා පැවති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මෙසේ පවත්වා ගෙන ගිය දන්සැල් අතරින් දන්සැල් 2424 ක් අද දහවල් වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කළහ. ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1200 ක් සේවයේ යොදවා සිටිති.