වෙසක් උළෙලට රටම සැරසේ


දෑත පුරා ‘රෙඩි මේඩ් වෙසන් කූඩු‘ බකට්, වෙස් මුහුණු, බෞද්ධ කොඩි, විදුලි වැල්, සව්කොළ බට මිලට රැගෙන යති.

අද කොළඹ වැසි පැවතියත් වෙසක් සැරසිලි සොයා ආ අයගෙන් අඩුවක් නොවීය.

සුපිරි වාහනවලින් යන අයද ලෑලි කඩ අසල නැවතී අටපට්ටම්ථ බකට් ආදිය මිලට ගනිති.

සෑම බොදු නිවසක්ම වෙසක් සැරසිලිවලින් අලංකාර කැරෙයි.

කොළඹ හා තදාසන්න පාසල්හි ළමයින් ද වෙසක් කූඩු තනා අමතර ආදායමක් උපයා ගනිති.

වෙසක් කූඩුවක අඩුම මිල රුපියල් 100කි.

විදුලි ආලෝකයෙන් ප්‍රභාවක් වීමට නියමිත තොරණ රාශියක් කොළඹ හා අවට ප්‍රදේශවල ඉදි කෙරෙයි.

බත්, බීම, අයිස්ක්‍රීම්, කඩල, සුප් ආදි දන්සල් ප්‍රචාරක පුවරුද බොහෝ තැන්වල ඇත.