වෙසක් උත්සවයට විශේෂ දුම්රිය 4 ක්


(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු  )

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය හතරක් කොළඹ  කොටුව- බදුල්ල අතර සහ බෙලිඅත්ත- අනුරාධපුරය අතර හෙට(05) සහ  07 දා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ  .

ඒ අනුව හෙට (5) පෙරවරු 06:30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා  ද උදේ  7;30ට
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ද දුම්රිය දෙකක් ධාවනය කෙරේ  .

නැවත 07වෙනිදා උදේ 7  ට  බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ද එදින දහවල් 12.30 ට අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ද එම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය  .