වෙලේ සුදාගේ නඩුව කල් යයි


ගම්පළ විදානගේ සමන්ත නෙහොත් වෙලේ සුදාට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර තිබූ නඩුව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලූ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා තෙන්නකෝන් මහත්මිය නඩුව ලබන ජූනි 30 වැනිදාට කල් තැබුවාය.

එදිනට විත්ති පාර්ශවයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර දුන්නාය. සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබිණි.

RDS_9912 RDS_9915 RDS_9916

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා