වෙලේ සුදාගේ ගෝලයෙක් කුඩු සමග අත් අඩංගුවේ


කොල්ලුපිටිය 13 වැනි පටුමගේ මුහුදු මාවතේදී  කළ වැටලීමකදී සුඛෝපභෝගී මෝටර් රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්රෑම් 200 මිලි ග්රෑම් 480 සමග සැකකරුවන් දෙදෙනකු අත් පානදුර වලාන මධ්‍යම දූෂණ අංශය මගින් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

අත් අඩංගුවටගත් එක් සැකකරුවෙක් ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදාගේ ප්‍රධානතම ගෝලයකු වන බඩෝවිට රජිත බව පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනාටම මත්කුඩු විකිණූ මුදල් ළඟ තබා ගැනීම ගැන මහාධිකරණයේ නඩු ඇතැයි පොලිසිය කියයි.

මාලදිවයින් ජාතිකයකුට ලබාදීම සඳහා මෙම මත් කුඩු රැගෙන යන්නට ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි පොලිසිය පවසයි.