වෙලේ සුදාගේ ගෝලයා දොම්පෙදි අල්ලයි


ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපති කුඩු ජාවාරමකු වන වෙලේ සුදාගේ ගෝලයකු බව කියන ගල්කිස්සේ පොඩි චානා රුපියල් ලක්ෂ හැටක හෙරොයින් කුඩු කිලෝවක් හා පිස්තෝලයක් සමග දොම්පේ තිත්තපත්තරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වෙලේ සුදා ශ්‍රී ලංකාවෙන් පැණගොස් පාකිස්ථානයේ මැඟවී සිටිමින් කුඩු එවතියි කියති.

වරෙන්තුකරුවකු වන චානා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු හතක් නිකුත් කර ඇත.

ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා දෙකක් ඇත.

යතුරුපැදියකින් යද්දී ඔහු පොලීසියට අසුවී ඇත.