වෙලේ සුදා සමග රංගනයක් නොකළ බව නිළියෝ කියති


ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමග තමන්ගේ සම්බන්ධයක් නැතැයි කියමින් ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිනියන් පිරිසක් අද (22) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

සේමිණි ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු නිළියන් රැසක් ඊට එක්වූහ.

පසුගියදා වෙලේ සුදා සමග නිළියන් පිරිසක් සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු අතර ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහාද නිලියන් හා වෙලේ සුදා අතර සම්බන්ධතා තහවුරු කෙරෙන ඡායාරූප ප්‍රචාරය කෙරිණි.

නිලියන් 6 දෙනකු සමග වෙලේ සුදාගේ සම්බන්ධයක් ඇතැයි තොරතුරු අනාවරණයවූ බවට පොලිසිය කියා සිටි බැවින් ඔවුන්ගේ නම් හෙළි කරන ලෙස අද මාධ්‍ය හමුවට එක්වූ කලා ශිල්පීහු ඉල්ලා සිටියහ.

web

web-1