වෙලේ සුදා උසාවි නොගෙනෙයි


හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් සමන්ත කුමාර නොහොත් වෙලේසුදාට එරෙහිව පරවා ඇති නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණි.

ආරක්ෂක හේතු මත වෙලේ සුදා අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව රහස්  පොලිසිය දැන්වීය.

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පැවසුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ඇති බවයි.

එවැනි නියෝගයක් ඇත්නම් ඔහු ලබන 19 වැනි දා ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරුවරිය පොලිසියට නියෝග කළාය.